Saturday, August 30, 2014

සුන්දර පාසල් දිවිය


අපි නිතරම සිනාසුන්‍ෙ 
සුදු ගවුමට පාට දෙන්න
සුදු ගවුමේරැලි හැදුන්‍ෙ
අපේ කදුළු සඟවන්නට.................!
පැන්සල් පොත් දොස් කීවේ
අපේ මෝඩකම් මකන්න
අපි නිතරම දඟ කෙරුවේ
ඉදහිට දඬුවම් ලබන්න..................!
මේ තරමට දුක දැනෙන්නෙ
වෙන් වෙන්නට ළඟ නිසාද
නොහැකිවේද ආයෙ යන්න
අත් අල්ලන් අතීතයට...................!

5 comments:

  1. පුලුවන් නම් මාත් යනව. කරපු ගොන්කන් ටිකට වැලි ටිකක්වත් දාල වහල එන්න :)

    ReplyDelete
  2. හ්ම්ම්ම් ඇත්තටම ආයෙත් යන්න ඇත්නම්!!!

    ReplyDelete
  3. හම්මේ ඉතින්.... ආසයි අප්පා....!!!

    ReplyDelete
  4. ආයෙත් ඇත්නම්
    එ් මඟ යන්නට....
    ආසයි පෙර සේ අත්වැල් ගන්නට...
    සිතක් ඇතිමුත් පෙර සේ යන්නට
    එදා ලග සිටි අය අද වෙන් වී ඇත..
    දුරව ඇත සිත් බෝම දුක් ලෙස.

    ReplyDelete